9-111 ශුද්ධ වූ කුර්ආනය

ඔවුනට ස්වර්ග (උයන්) ඇතැයි (පෙරොන්දු වෙමින්) අල්ලාහ් නියත වශයෙන් මුඃමීන්වරුන්(විශ්වාසිකයින්)ගෙන් ඔවුන්ගේ සිරුරු සහ ඔවුන්ගේ වස්තුව මිලට ගෙන ඇත. ඔවුහු අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරති. එවිට ඔවුහු මරති. මරනු ලබති. මෙය ඔහු(අල්ලාහ්) තව්රාත්, ඉන්ජිල් සහ අල්-කුර්ආන් යන ග්‍රන්ථවලින් දෙන ලද සැබෑ පොරොන්දුවයි. ඔහුගේ පොරොන්දු ඉටුකිරීම සම්බන්ධයෙන් අල්ලාහ්ට වඩා සත්‍යවාදී වන්නේ කවුරුද? එනිසා නුඹලා ඔහු සමඟ කළ නුඹලාගේ ගනුදෙනුව ගැන සතුටු වනු. විශිෂ්ඨතම ජයග්‍රහණය එයයි.