7-163 ශුද්ධ වූ කුර්ආනය
තවද මුහුදු වෙරළ අසල පිහිටා තිබූ ග්‍රාමය ගැන ඔවුන්(මූසාගේ ජනයා)ගෙන් විමසනු. (එහි ජීවත් වූ වැසියන්) සබත්(සෙනසුරාදා) දිනයේදී (දේව නීතිය) කඩ කිරීම ගැන ඔවුනට මතක් කර දෙනු. ඔවුන්ගේ සබත් දිනයෙහි ඔවුන්ගේ මත්ස්‍යයෝ (මුහුද මතුපිට දිස් වී) ඔවුන් වෙත බහුලව පැමිණෙති. නමුත් ඔවුන්ගේ සබත් නොවන අන් දිනවල (එසේ එම මත්ස්‍යයෝ) ඔවුන් වෙත නොපැමිණෙති. ඔවුන් පාප ක්‍රියාවන් කරමින් සිටි බැවින් අපි ඔවුන් මෙසේ පරීකෂා කළෙමු.