6-124 ශුද්ධ වූ කුර්ආනය
ඔවුන් වෙත ආයතය(අල්ලාහ්ගේ වදන සංඥාව)ක් පැමිණි විට අල්ලාහ්ගේ රසූල්වරුන්ට දෙනු ලැබූ දෙය වැනි දෑ අපටද දෙනු ලබන තෙක් අපි විශ්වාස නොකරන්නෙමුයි ඔවුහු කීවෝය. තම ධර්ම දූත මෙහෙවරය කෙසේ පැවරිය යුතුද යන්න අල්ලාහ් ඉතා හොඳින් දනී. වැරදි කළ අයට තමන් කළ කුමන්ත්රණය නිසා අල්ලාහ් අභියස නින්දාවද දරුණු වද හිංසාවද ඉතා ඉක්මනින් පැමිණෙන්නේය.