5-75 ශුද්ධ වූ කුර්ආනය
මර්යම්ගේ පුත් මසීහ් රසූල්(වක්තෘ)වරයකු මිස (වෙනත් කෙනකු) නොවීය. ඔහුට පෙරද (ඔහු වැනි බොහෝ) රසූල්වරු උකුත් වූහ. ඔහුගේ මවද සත්යශීලි තැනැත්තියකි. ඔවුන් දෙදෙනාම (සෙසු මිනිසුන් මෙන්) ආහාර අනුභව කළෝය. අපි (සත්‍ය පිළිබඳ) සංඥා (ආයාත්) ඔවුනට කෙසේ පැහැදිලි කරන්නෙමු දැයි බලනු. පසුව ඔවුන් (එම සංඥාවන්-ආයාත්) විකෘති කරන සැටිද බලනු.