5-4 ශුද්ධ වූ කුර්ආනය
(නබි මුහම්මද්!) තමන්ට හලාල් (අනුමත) කරනු ලැබ ඇත්තේ කුමක් දැයි ඔවුහු නුඹෙන් විමසති. (සියලූම) පිරිසිදු වූ දේ නුඹලාට හලාල් (අනුමත) කරනු ලැබ ඇත. තවද අල්ලාහ් විසින් නුඹලාට උගන්වා ඇති පරිදි නුඹලා විසින් ඔවුනට උගන්වා (දඩයම් කිරීමට) නුඹලා පුහුණු කර (පිටත් කර හරින ලද) දඩයක්කාර සතුන් විසින් නුඹලා වෙනුවෙන් හසු කරගෙන සිටින සතුන්ද අනුභව කරනු. නමුත් නුඹලා එවිට අල්ලාහ්ගේ නම සඳහන් කළ යුතුය. තවද අල්ලාහ්(ගේ නීතිය කඩ කිරීම)ට බිය විය යුතු යැයි පවසනු. නියත වශයෙන්ම (ප්රතිවිපාක සඳහා නුඹලාගේ කටයුතු) ගණන් ගැනීමේදී අල්ලාහ් කඩිනම්ය.