4-3 ශුද්ධ වූ කුර්ආනය

අනත් දරුවන්ට යුක්තිය ඉෂ්ට කිරීමට නුඹලාට නොහැකි වෙතැයි නුඹලා බිය වෙතොත්, නුඹලා විසින් තෝරා ගනු ලබන ස්තී්‍රන් දෙදෙනකු, තිදෙනකු හෝ සිවුදෙනකු විවාහ කරගනු. එහෙත් ඔවුන් කෙරෙහි යුක්තිය ඉෂ්ට කිරීමට නුඹලාට හැකි නොවැතැයි නුඹලා තුළ බියක් පහළ වුවහොත් එක් කෙනකු (පමණක් විවාහ කරගනු.) නැතහොත් නුඹලාගේ දකුණු අතට පත්වූ ස්ත්‍රින් විවාහ කරගනු. අයුක්තියක් කිරීමෙන් වැළකීම සඳහා වඩාත් සමීප කි්‍රයා මාර්ගය මෙය වේ.