4-153 ශුද්ධ වූ කුර්ආනය
දහම්ලත් අය තමන් වෙත අහසින් ධර්ම ග්රන්ථයක් පතිත කරවන්නැයි නුඹට ඇරැයුම් කරති. ඔවුහු මීට වඩා අභව්‍ය ඉල්ලිම් නියත වශයෙන්ම මුසා වෙතද ඉදිරිපත් කළහ. එවිට අපට අල්ලාහ් ඇස් ඉදිරිපිට පෙන්වන්නැයි ඔවුහු කීවෝය. එවිට ඔවුන්ගේ දුෂ්ටත්වය හේතුවෙන් ඔවුනට අකුණු සැරයක් වැදිණ. ඔවුනට පැහැදිලි සංඥා පැමිණීමෙන් පසුද (ඇදහීම සඳහා) වසු පැටවා ඔවුහු (තෝරා) ගත්හ. මෙයින් පසු පවා අපි (ඔවුන්ට) ඒ සඳහා සමාව දුනිමු. තවද අපි මුසාට ප්‍රකට අණ පණතක් ප්රදානය කළෙමු.