3-7 ශුද්ධ වූ කුර්ආනය
(මෙම) ග්‍රන්ථය නුඹ වෙත පහළ කර ඇත්තේ ඔහුමය. (මෙහි වාක්‍ය දෙවර්ගයකි, එනම්) මුහ්කමාත් (නියතාර්ථ සහිත වාක්‍යයන්) ඒවා මෙම ග්රන්ථයෙහි මූලධර්මය යි. සෙසු වාක්‍ය මුතෂාබිහාත් (උභයාර්ථවාචි වාක්‍යය) වේ. තමන්ගේ හදවත් තුළ අගතිගාමි අදහස් ඇත්තෝ එයින් දුර්මාර්ගය සොයමින්ද අහඹු ලෙස අර්ථ සොයමින්ද උභයාර්ථවාචි වාක්‍යයන් පසුපස යති. ඒවායෙහි නියතාර්ථය අල්ලාහ් සහ ප්‍රඥාවෙහි ස්ථිර අය හැර වෙන කිසිවෙක් නොදනිති. ඔවුන් (ප්‍රඥාවෙහි ස්ථිර අය) ‘අපි එය ගැන විශ්වාස කෙළෙමු. සියල්ලම අපගේ රබ්(පරමාධිපති)ගෙන්’ යැයි කියති. තවද (එවැනි දෙයකින්) අවබෝධයක් ලැබිය හැක්කේ අන්තර්ඥානය ඇති අයට පමණකි.