24-2 ශුද්ධ වූ කුර්ආනය
(අවිවාහකව) පර පුරුෂ සේවනයෙහි යෙදෙන ගැහැණිය සහ පරදාර සේවනයෙහි යෙදෙන පිරිමියා වන දෙදෙනාගෙන් ඔවුන් එක් එක්කෙනාට කසපහර සියයක් බැගින් දෙනු. නුඹලා අල්ලාහ් සහ පරමාන්ත දිනය ගැන විශ්වාස කරන්නහු නම් අල්ලාහ්ගේ ධර්මයේ (නියම කළ කරුණක්) සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා ගැන නුඹලා අනුකම්පා නොකළ යුතුයි. තවද ඔවුන් දෙදෙනාගේ දඬුවම ගැන මු:මින්වරුන් පිරිසක් සාක්ෂි දැරිය යුතුය.