2-87 ශුද්ධ වූ කුර්ආනය

(යුදෙව්වනි!) නියත වශයෙන්ම අපි මූසාට (තව්රාත්) ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු. තවද, ඔහුට පසුව (ධර්ම) දුතයින් ගණනාවක්ම අනුපිළිවෙළින් යැවීමු. තවද” මර්යම් පුත් ඊසා(ජේසුතුමා)ට පැහැදිලි සාධකයන් පිරිනැමුවෙමු. තවද ශුද්ධාත්මය මගින් ඔහු ශක්තිමත් කළෙමු. (නමුත් අපගේ) ධර්ම දූතයෙකු නුඹලාට අකමැති වන දේ ගෙනෙන සෑම විටකම නුඹලා අහංකාර වූවෙහුය. නුඹලා (ධර්ම දූතයින්) පිරිසක් බොරු කළ අතර තවත් පිරිසක් ඝාතනය කළාහුය.