2-85 ශුද්ධ වූ කුර්ආනය
ඉන්පසුව(ද) නුඹලා පව් කිරීමේදීද සීමාව ඉක්මවීමේ දී ද කෙනෙකුට කෙනෙක් අනුබල දෙමින් නුඹලා සමඟ සම්බන්ධ අය මරා නුඹලාගෙන් කොටසක් ඔවුන්ගේ වාසභූමියෙන් බැහැර කළේ (දැනට ජීවතුන් අතර සිටින) නුඹලාමය. තවද ඔවුන් නුඹලා වෙත (යුද) සිරකරුවන් ලෙස පැමිණියහොත් (නුඹලා) ඔවුන් මුදා හරින්නෙහුය, ඔවුන් පිටුවහල් කිරීම නුඹලාට (තව්රාත් මගින්) තහනම්ව තිබියදීත්. නුඹලා ධර්ම ග්රන්ථයෙහි කොටසක් විශ්වාස කර තවත් කොටසක් විශ්වාස නොකරන්නහු ද? නුඹලා අතරින් එය කරන්නවුනට මෙලොව ජීවිතයේ ඔවුන්ට නින්දාව හැර (වෙනත්) විපාකයක් නැත. තවද, පරමාන්ත දිනයේ දී ද, ඉතා තදබල වේදනාව කරා ඔවුහු හරවා යවනු ලබන්නාහුය. තවද, නුඹලා කරන දේ ගැන අල්ලාහ් තැකීමක් නැත්තෙකු නොවේ.