2-61 ශුද්ධ වූ කුර්ආනය

නමුත් මූසා අපට (සැමදිනම) එකම භෝජනය ඉවසා සිටිමට නොහැකිය. එබැවින් මහපොළොවේ හටගැනෙන ඵලා වර්ග, කැකිරිද, තිරිඟුද, පරිප්පුද, සුදු ළුනු යන දෑද අපට උපදවන ලෙස අප වෙනුවෙන් ඔබගේ රබ්(පරමාධිපති)ගෙන් ඇයැදින්නැයි නුඹලා කීවෙහුය. (එයට) නුඹලා හොඳ දේ වෙනුවට පහත් දේ හුවමාරු කරන්න (ට කැමැත්ත) හුද. (එසේ නම්) නුඹලා නගරයකට (පදිංචිවන්නට) යනු. එවිට නුඹලා ඉල්ලා සිටි දේ (එහිදී) නුඹලාට නියත වශයෙන්ම ලැබෙනු ඇතැයි ඔහු (මූසා) කීවේය. (එලෙස ඔවුන් හැසිරීම හේතුකොට ගෙන) නින්දාව හා දුගී බව ඔවුන්ට විඳින්නට සලස්වනු ලැබුණි. තවද අල්ලාහ්ගේ කෝපයටද ඔවුහු ලක්වූහ. එයට හේතුව ඔවුන් අල්ලාහ්ගේ ආයාත් (සංඥාවන් හා වදන්) ප්‍රතික්ෂේප කිරීමද යුක්තියෙන් තොරව නබිවරුන් ඝාතනය කිරීමද වේ. තවද ඔවුන් (යළි යළිත් අල්ලාහ්ගේ අණට අකීකරු වී) පාපී ක්‍රියාවන්හී යෙදී සිටීමද (අල්ලාහ්ගේ නියෝගවලට එරෙහිව) සිමාවන් උල්ලංඝණය කරමින් සිටිමද වේ.