2-237 ශුද්ධ වූ කුර්ආනය
ඔවුනට නුඹලා මහර් නියම කර, නුඹලා ඔවුන් (මෛථූන) ස්පර්ශ කරන්නට පෙර, නුඹලා ඔවුනට තලාක් දුනහොත්, නුඹලා නියම කළ (මහර්) දැයින් අඩක් දිය යුතුය. ඔවුන් සානුකම්පිත වුවහොත් හෝ නැතහොත් සරණ බන්ධනය කවරකු අතින් සිදු වුවද, ඔහු සානුකම්පිත වුවහොත් හෝ මිස. තවද නුඹලා සානුකම්පිත වීම (අල්ලාහ් කෙරෙහි) බැතිමත් භාවයට ඉතා ළංවීමකි. නුඹලා අතර ත්යාගශීලිභාවය අමතක නොකරනු. නියත වශයෙන් අල්ලාහ් නුඹලා කරන දේ පිළිබඳව පරික්ෂාවෙන් බලා සිටියි.