2-200 ශුද්ධ වූ කුර්ආනය
නුඹලා නුඹලාගේ (හජ්) වතාවත් ඉටුකළ පසු මීට පෙර (මිනාහී ගල් විසිකරන ජම්රා නමැති ස්ථානයෙහි රැස්වී) නුඹලා නුඹලාගේ මුතුන් මිත්තන් සිහි කරමින් සිටි පරිද්දෙන්ම නුඹලා අල්ලාහ් සිහිපත් කරනු. නැතහොත් ඊටත් වඩා උනන්දුවෙන් සිහිපත් කරනු. (මෙවැනි අවස්ථාවේදී) මිනිසුන් අතුරින් ඇතැමෙක් අප රබ්(පරමාධිපති) මෙලොවෙහිදි අපට භාග්යයන් දෙනු මැනවයි කියති. මෙවැන්නන්ට පරලොවෙ(මරණින් මතු ජීවිතයෙ)හි කිසිම කොටසක් නැත.