12-31 ශුද්ධ වූ කුර්ආනය
ඔවුන්ගේ කුමන්ත්‍රණය ඇයට ඇසුණු විට, ඇය ඔවුනට (තම නිවසට) ඇරියුම් කළාය. තවද, ඔවුනට හාන්සි පුටු (සහිත ශාලාවක භෝජන සංග්‍රහයක්ද) පිළියෙළ කළාය. එවිට ඔවුන්ගෙන් එක් එක්කෙනා(අත)ට පිහියක් බැගින් දුන්නාය. (පසුව ඔවුන් පළතුරු කැපීමෙහි යෙදී සිටින විට) ඔවුන් හමුවට යනුයි (යූසුෆ්ට) ඇය කීවාය. ඔවුහූ(කාන්තාවෝ) ඔහු දුටුවිට, ඔහු ගැන තදින් ආශ්චර්යමත් වූහ. ඔවුහූ ඔවුන්ගේම අත් කපා ගත්හ. තවද අල්ලාහ් ඉතා සුවිශුද්ධයි. මොහු මිනිසකු නොවෙයි. මොහු උතුම් මලක්වරයකු මිස (මහත් පුදුමයෙන්) ඔවුහූ කීවෝය.