11-88 ශුද්ධ වූ කුර්ආනය
මාගේ ජනයිනි, මම මාගේ රබ්(පරමාධිපති)ගෙන්වූ පැහැදිලි සාධකය මත වී, ඔහු විසින්ම යහපත් පාරිභෝජනය මා වෙත සපයා තිබිය දී (මා ඔහුට අකෘතඥවී නුඹලාගේ වැරදි සහ අසාධාරණකම් නුඹලා සමඟ හදා ඛෙදා ගත යුතු යැයි නුඹලා සිතනවාද?) තවද, මම නුඹලාට අවවාද කරන දෑට පටහැනිව මා කටයුතු කළ යුතු යැයි මම නොසිතන්නෙමි. මට හැකි තාක් (නුඹලාට) යහපත මිස නොසිතමි. තවද, මාගේ බලාපොරොත්තුව අල්ලාහ් කෙරෙහි මිස නැත. (මාගේ කටයුතු) ඔහු වෙතම භාර කරමි. තවද, පසුතැවිලි වෙමින් ඔහු වෙතම හැරෙමි යැයි ඔහු (ෂුඅයිබ්) කීවේය.