11-62 ශුද්ධ වූ කුර්ආනය

.ඕ! සාලිහ් මීට පෙර නුඹ අප අතර (හොඳ දෑ ගැන) බලාපොරොත්තු තබනු ලැබුවෙක් විය. අපේ මුතුන් මිත්තන් අදහනු ලැබූ දෑ ඇදහීමෙන් නුඹ අප (දැන්) වළක්වන්නෙහිද? නියත වශයෙන්ම නුඹ අප කැඳවන දෑ ගැන අපි බලවත් සැකයේ වෙමු. (එය අප) කලකිරවන්නෙකි (යි ඔවූහු පැවසූහ)