11-31 ශුද්ධ වූ කුර්ආනය
එසේම, මා වෙත අල්ලාහ්ගේ සම්පත් ඇතැයිද නැතහොත් මම ගුප්ත දෑ දනිමියිද මම නොකියමි. තවද, නියත වශයෙන් මා මලක්වර(සුරදූත)යකු යැයිද නොකියමි. එසේම නුඹලා විසින් ගර්හාවට පත්කර ඇති අය සම්බන්ධයෙන්, අල්ලාහ් ඔවුනට කිසි විටෙක යහපතක් පිරිනොනමනු ඇතැයිද මම නොකියමි. ඔවුන්ගේ සිත් සතන් තුළ ඇති දේ මැනවින් දන්නේ අල්ලාහ්ය. (මන්ද මෙවැනි යමක් කීමෙන්) නියත වශයෙන්ම එවිට මම අපරාධකරුවෙක් වන්නෙමි.