10-23 ශුද්ධ වූ කුර්ආනය
නමුත් ඔහු ඔවුන් බේරාගත් විට, ඔවුහු සත්‍යයට එරෙහිව මහපොළොවෙහි කැරලි ගැසීමට පටන් ගනති. මිනිසුනි, නුඹලාගේ අපරාධය (අහිතකර වන්නේ) නුඹාලටමය. මෙලොව පවතින (තාවකාලික) සම්පත් (කැමැති නම් භුක්ති විදිනු) අවසානයේ නුඹලාගේ ආපසු පැමිණීම අප වෙතය. එවිට නුඹලා කරමින් සිටි දෑ ගැන අපි නුඹලාට දන්වන්නෙමු.