12-19 ශුද්ධ වූ කුර්ආනය
තවද (එතැනට) තවලමක් ආවේය. ඔවුහූ තම දිය අදින්නා (එහි) යැවූහ. එවිට ඔහු තම පනිට්ටුව(ළිදට) බැස්සුවේය. (එහි යූසුෆ් සිටිනු දැක) ශුභාරංචියක්! මෙන්න ගැටවරයෙක් යැයි ඔහු හඬ නගා කෑ ගැසුවේය. (ඔහු ළිදේ සිට ගොඩට ගත්විට) ඔවූහු ඔහු වෙළද භාණ්ඩයක් ලෙස සඟවා ගත්හ. නමුත් අල්ලාහ් ඔවුන් කරන දෑ හොඳ හැටි දැන සිටියේය.