5-2 ශුද්ධ වූ කුර්ආනය

විශ්වාසවන්තයිනි! අල්ලාහ්ගේ පූජනීය සංකේතය නොකෙලෙසනු. (සටන් සඳහා) තහනම් කෙරුණු මාසද කඃබාහිදි අල්ලාහ් වෙනුවෙන් කැප කරන ලද කිසිදු සතකුද, අල්ලාහ්ට කැපකර ඇති බවට සලකුණක් ඇති සතුන්ද (නොකෙලෙසනු.) තවද ඔවුන්ගේ පරමාධිපතිගේ දායාද සහ ප්‍රසාදය පතා පාරිශුද්ධ ගෘහය(කඃබාහ්ව)ට යන ජනයාටද හිරිහැර නොකරනු. නුඹලා ඉහ්රාම් ඉවත් කළහොත් ඉන්පසු දඩයමේ යෙදීමට නුඹලාට අවසර ඇත. මස්ජිදුල් හරාම් (කඃබාහ්) වෙත පැමිණීමෙන් ඔවුන් නුඹලා වැළක්වීම නිසා (එවැනි) ජනයාට එරෙහිව ඇති කෝපය නුඹලා සීමාව ඉක්මවීමට නුඹලාව නොපෙළෙඹවිය යුතුය. තවද යහපත් පුණ්‍ය කටයුතුවලදීද, බියබැතිමත් භාවයේදීද එකිනෙකාට සහාය වනු. පාපකාරී (කටයුතු) හා සීමාව ඉක්මවායාම(කටයුතුවල)ට නුඹලා එකිනෙකාට සහාය නොදෙනු. අල්ලාහ්ට බියබැතිමත් වනු. නියත වශයෙන්ම අනිශ්ඨ ප්‍රතිවිපාක ගෙනදීමෙදී අල්ලාහ් දරුණුය.