2-231 ශුද්ධ වූ කුර්ආනය

නුඹලා ස්ත්‍රීන්ට තලාක්දී ඔවුන්ගේ (ඉද්දාහි) දින සීමාව (පිරෙන්නට ළං) වූ විට සාධාරණ අන්දමින් ඔවුන් හොඳින් රඳවා ගනු. නැතහොත් සිරිත් පරිදි ඔවුන් මුදා හරිනු. නුඹලා ඔවුනට හිරිහැර වනසේ හෝ අල්ලාහ්ගේ නීති සීමාව ඉක්මවන සේ හෝ ඔවුන් රඳවා නොගනු. තවද යමෙක් මෙසේ කරයි නම්, නිත්‍ය වශයෙන්ම ඔහු තමාටම අපරාධ කරගත්තේය. තවද අල්ලාහ්ගේ ආයාත් (වදන්) සරදම් වශයෙන් නොගනු. තවද අල්ලාහ් නුඹලාට දුන් අනුග්‍රහයන්ද එමගින් නුඹලාට අනුශාසනා දෙමින් නුඹලා වෙත පහළ කළ ධර්ම ග්‍රන්ථද ප්‍රඥාවද සිහිකරනු. අල්ලාහ්ට බියවනු. නියත වශයෙන්ම අල්ලාහ් සියලූ දෑ ගැන සර්වඥය.